FAST NEWS

24×7 Around the Globe

පළාත් පාලන ආයතන 23 නිල කාලය දිර්ඝ නෙකෙරේ.

ඊයේ (30) මධ්‍යම රාත්‍රියෙන් නිල කාලය අවසන් වූ පළාත් පාලන ආයතන 23 ක පාලනය කොමසාරිස්වරුන් සහ ‍ලේකම්වරුන් යටතට පත් කළ බව පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තපා මහතා සඳහන් කරයි.

මෙම පළාත් පාලන ආයතනවල කාලය දිර්ඝ නොකිරීමට ජනාධිපතිවරයා සහ අගමැතිවරයා සමග ඊයේ (30) රාත්‍රී පවත්වන ලද සාකච්ඡාවකින් අනතුරුව තීරණය කළ බව ඇමැතිවරයා කියා සිටියේය.

මේ අනුව මහ නගර සභා 17 ක පාලනය කොමසාරිස්වරුන් යටතටත් නගර සභාවක සහ ප්‍රාදේශීය සභා 5 ක පාලනය ‍ලේකම්වරුන් යටතටත් පත් කර තිබේ.

කොළඹ, ශ්‍රී ජයවර්ධනපුර, කෝට්ටේ, දෙහිවල – ගල්කිස්ස, මොරටුව, ගම්පහ, මීගමුව, කුරුණෑගල, මහනුවර, මාත‍ලේ, නුවරඑළිය, බදුල්ල, රත්නපුර, අනුරාධපුර, කල්මුණේ, ගාල්ල, මාතර සහ හම්බන්තොට යන මහ නගර සභා 17 ක පාලනය එම ආයතනවලම සේවය කරන කොමසාරිස්වරුන් යටතට පත්කොට ඇත.

කොළොන්නාව නගර සභාවේ සහ කොටිකාවත්ත මුල්‍ලේරියාව කඩවත් සතර ගඟවට කෝර‍ලේ, කුණ්ඩසා‍ලේ, සූරියවැව සහ හම්බන්තොට ප්‍රාදේශීය සභාවේ පාලනය එම ආයතනවලම සේවය කරන ලද ‍ලේකම්වරුන් යටතට පත්කොට ඇත.