FAST NEWS

24×7 Around the Globe

Twitter ලොක්කා ගෙදර යයි – කොටස් අගය වැඩිවෙයි

 

ලොව ප්‍රකට සමාජජාල අඩිවියක් වන Twitter හි ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස කටයුතු කළ ඩික් කොස්ටෝලෝ සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව එම සමාගම නිවේදනය කරයි.

ඒ අනුව, ඔහුගෙන් පුරප්පාඩු වන එම ධුරය සඳහා ජූලි 01 වැනිදා සිට ට්විටර් හි සම නිර්මාතෘවරයෙකු වූ ජැක් ඩෝර්සේ තාවකාලිකව වැඩබලන බව එම සමාගම පවසයි.

ට්විටර් සමාජජාලයේ පරිශීලක වර්ධනය සම්බන්ධයෙන් සමාගමේ කොටස්කරුවන් නොසතුටට පත්ව සිටීමත්, ඒ තත්ත්වය තුළ කොස්ටෝලෝ දැඩි පීඩනයකින් පසු වීමත් මෙම ඉල්ලා අස්වීමට හේතු වී තිබේ.

කෙසේ වෙතත්, ඔහුගේ ඉල්ලා අස්වීම සමග නිවේදනයක් නිකුත් කරන කොස්ටෝලෝ පවසා ඇත්තේ ට්විටර් කණ්ඩායම සම්බන්ධයෙන් ඔහු සැබෑ ලෙසම ආඩම්බර වන බවයි.

එමෙන්ම, ට්විටර් සමාගම පවසන්නේ ඔහුගෙන් පුරප්පාඩු වන ධුරය සඳහා සුදුස්සෙකු පත්කර ගැනීමට අධ්‍යක්ෂ මණ්ඩලය කමිටුවක් පත්කර ඇති බවයි.

මේ අතර, ඔහුගේ ඉල්ලා අස්වීමේ නිවේදනයත් සමග සමාගමේ කොටස් අගය 7% ක වර්ධනයක් පෙන්වා ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.