ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් සිට මැලේසියාවේ ක්වාලාලම්පූර් දක්වා පියාසර කරමින් තිබූ මැලේසියානු ගුමන් සමාගමට අයත් යානයක් අද පෙරවරුවේ හදිසියේ ගොඩ බස්වා තිබේ.
විදෙස් වාර්තාවල දැක්වෙන්නේ, මැලේසියානු ගුවන් සමාගමට අයත් MH148 නමැති ගුවන් යානය එලෙස හදිසියේ ගොඩ බස්වා ඇති බව ය.
ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් ගුවන් තොටුපොළෙන් පියාසර කර පැයක පමණ කාලයක් තුළ එය යළි එම ගුවන් තොටුපොළට ම ගොඩ බස්වා තිබේ.
ඒ, යානයේ එන්ජිම තුළ ඇති වූ ගින්නක් හේතුවෙනි.
එම අවස්ථාවේ ගුවන් යානයෙහි මගීන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 300 දෙනෙකු පමණ සිට ඇත.
විදෙස් වාර්තා පවසන්නේ, එම පිරිස නිරූපද්‍රිතව බේරා ගැනීමට හැකි වූ බව ය.







