මුදල් ඇමැති රවි කරුණානායකට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව ජූලි මස 4 වැනිදා විවාදයට ගන්නා බව සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල පාර්ලිමේන්තුවේදී ඊයේ (11දා) පැවැසීය.
විශ්වාසභංග යෝජනාව මීළඟ සැසිවාරයේදී පැවැත්වීමට එකඟවනවා නේදැයි පාර්ලිමේන්තු මන්ත්රි දිනේෂ් ගුණවර්ධන, මුදල් ඇමැතිවරයාගෙන් විමසූ අවස්ථාවේ ඊටපිළිතුරු දුන් සභානායකවරයා ‘ඔයගොල්ලට ඕන වෙලාවට විවාද කරන්න ඉඩ දෙන්න බැහැ. අපිට ඕන වෙලාවටයි විවාදය පවත්වන්නේ. ජූලි 4 වැනිදාට විශ්වාසභංග යෝජනාව විවාද කරනවා. ලබන සැසිවාරයේදී විවාද කරන්නෙ නැහැ.
දිනේෂ් ගුණවර්ධන – මුදල් ඇමැතිතුමා ලබන සතියේ විශ්වාසභංග යෝජනාවට මුහුණ දෙන්න සූදානම්ද?
මුදල් ඇමැති -(සිනාසෙමින්,) ඕන වෙලාවක මුහුණ දෙන්න මම සූදානම්.







