කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ ආයෝජන මණ්ඩල රථ ගාලේ ගොඩනැගිල්ලක කාමරයක් තුළ සඟවා තිබූ විදේශීය මත්පැන් බෝතල් තොගයක් ගුවන් තොටුපල පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගුවන් තොටුපලේ පොලිස් ස්ථානාධිපතිවරයාට ලැබුණු තොරතුරක් මත මේවා සොයාගත්තේ අද (11) දහවල්.
වර්ග 9 කට අයත් විදේශීය මත්පැන් බෝතල් 100 ක් මෙහි තිබූ බවයි ගුවන් තොටුපල අප වාර්තාකරු සඳහන් කළේ. ගුවන් තොටුපලේ තීරු බදු රහිත වෙළඳ සංකීර්ණයේ විදේශීය මත්පැන් අලෙවි හලකින් මත්පැන් ලබාගෙන වැඩි මුදලට වෙනත් ව්‍යාපාරිකයන්ට විකිණීමේ ජාවාරමක් කලක සිට සිදුකර ඇති බවට මෙම සිද්ධියත් සමඟ තොරතුරු අනාවරණ වී තිබෙනවා.







