දක්ෂිණ අධිවේගී මාර්ගයේ කඩුවෙල අන්තර් හුවමාරුවේ සිට කොට්ටාව අන්තර් හුවමාරුව දක්වා කොටස අද මධ්‍යම රාත්‍රී 12සිට ලබන 16 වැනිදා මධ්‍යම රාත්‍රී 12 දක්වා දින 4ක් වසා තැබෙන බව මහාමාර්ග හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කළේ කොළඹ පිටත වටරවුම් අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු සඳහා එම කොටස වසා තබන බවයි.
ඒ අනුව අද මධ්‍යම රාත්‍රී 12 සිට 16 වැනිදා මධ්‍යම රාත්‍රී 12 දක්වා කඩුවෙල අන්තර් හුවමාරුවේ සිට කොට්ටාව අන්තර් හුවමාරුව දක්වා කොටස වසා තැබෙනු ඇත.
විකල්ප මාර්ග ලෙස කඩුවෙල, මාලබේ, බත්තරමුල්ල, තලවතුගොඩ, පන්නිපිටිය, කොට්ටාව මර්ගය භාවිත කරන ලෙස මහාමාර්ග හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය රථවාහන රියදුරන්ගෙන් ඉල්ලීමක් කරයි.







