FAST NEWS

24×7 Around the Globe

යතුරුපැදි නීතිය අද සිට දැඩිව ක්‍රියාත්මකයි.

යතුරුපැදි නීතිය අද සිට දැඩිව ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සදහන් කළේ ආරක්ෂිත හිස් වැසුම් පැළඳ යතුරුපැදි ධාවනය නොකරන, අපරික්ෂාකාරී ලෙස වෙනත් වාහන පසුකර යන යතුරුපැදිකරුවන්, නිකටපටිය තද නොකර යතුරුපැදි ධාවනය කරන සහ විවිධ වර්ණ සහිත වයිසර් සහිත ආරක්ෂිත හිස් වැසුම් පලදින පුද්ගලයින් සම්බන්ධයෙන් නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙස දැනුම් දී ඇති බවයි. කෙසේ වෙතත්, මෙය ප්‍රායෝගික නොවන බව ෆුල්ෆේස් හෙල්මට් තහනමට එරෙහි යතුරුපැදිකරුවන්ගේ සංගමය ප්‍රකාශ කළා.