FAST NEWS

24×7 Around the Globe

වැදගත් සාකච්ඡාවකට ජනපති සමග නිදහස් සන්ධානය අද රැස්වෙති.

 

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම අද පෙරවරුවේ පැවැත්වීමට නියමිතව තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දීමෙම රැස්වීම පැවැත්වීමට නියමිත බව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

20 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් සහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී ඇති විශ්වාසභංග යෝජනා සම්බන්ධයෙන් මෙහිදි සාකච්ඡා කිරීමට නියමිතව තිබේ.

නව මැතිවරණ ක්‍රමය පිළිබඳව සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කර ඒ පිළිබඳව ඔවුන්ගේ ස්ථාවරය විමසීම මෙහිදි සිදුවනු ඇත.

මේ අතර ව්‍යස්ථාදායක සභාවට සිවිල් සමාජිකයින් තිදෙනා පත් කිරීමේ කටයුතු තවදුරටත් ප්‍රමාද වී තිබේ.

අදාළ පත්කිරීම් පිළිබඳව අද දිනයේ පාර්ලිමේන්තු අනුමැතිය ලබා ගැනීමට නියමිතව තිබුණ ද ඒ සඳහා ඊයේ රැස්වු පක්ෂ නායක රැස්වීමේ දී එකඟතාවයකට පැමිණීමට නොහැකි වු බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළේය.

අදාළ පත්කිරීම් සම්බන්ධයෙන් යළිත් වරක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් පක්ෂ නායකයින් සමඟ අද දිනයේ සාකච්ඡා කිරීමට නියමිතව තිබේ.

මේ අතර දැනට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනා විවාදයට ගැනීම සම්බන්ධයෙන් ද පක්ෂ නායක රැසව්වීමේ දී අවධානයට යොමුවු බව දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළේය.