FAST NEWS

24×7 Around the Globe

20 වැනි සංශෝධන පනත් කෙටුම්පතට කැබිනට් අනුමැතිය.

 

නව මැතිවරණ ක්‍රමයක් ගෙනඒමට අදාළව ජනපතිවරයා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය එකඟතාවට පැමිණියේය.‍

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලබාගැනීම සඳහාම ජනපතිවරයා ඊයේ  (08දා) විශේෂයෙන්ම කැබිනට් මණ්ඩලය රැස්කළ අතර, එහිදී මේ පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක්කෙරිණි.

20 වැනි සංශෝධනයෙන් පාර්ලිමේනතුවේ මන්ත්‍රී ආසන සංඛ්‍යාව 255 දක්වා වැඩි කිරීමට මීට ඉහත කර තිබූ යෝජනාවට එක්සත් ජාතික පක්ෂය කැබිනට් රැස්වීමේදී විරුද්ධත්වය ප්‍රකාශ කර තිබෙන අතර, එය දැනට පවතින 225ම වියයුතු බව ඔවුන්ගේ අදහස වී තිබේ.