FAST NEWS

24×7 Around the Globe

නාමල්ගේ tweet පණිවිඩය සාවද්‍යයි-පොලිස් මාධ්‍ය ප්‍රකාශක

නාමල් රාජපක්ෂ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇති බවට ඔහු නිකුත් කළ Tweet පණිවුඩයෙහි සඳහන් කරුණු සාවද්‍ය බව පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු දැනුම් දීමක් කර නැති බව ය.

ජනතාව අතර බොරු ප්‍රචාරයක් ඇති කිරීමේ අරමුණින් එවැනි Tweet පණිවුඩ ඔහු විසින් මීට පෙර ද පළ කර ඇතැයි මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරට ත් පැවසීය.