FAST NEWS

24×7 Around the Globe

මන්ත්‍රී නඩරාජා රවිරාජ් ඝාතනය සඳහා යොදා ගත් ත්‍රීරෝද රථයක් CID භාරයේ.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් ඝාතනය සඳහා යොදා ගත් ත්‍රීරෝද රථයක් තමන් භාරයට ගෙන ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (05) අධිකරණයට දැනුම් දුන්නේය.

මේ බව අනාවරණ වුණේ මෙම සිද්ධියට අදාළ නඩුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිරෝෂා ප්‍රනාන්දු හමුවේ අද විභාගයට ගත් අවස්ථාවේදීයි.

එහිදී ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් තිදෙනා මේ මස 19 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අතිරේක මහේස්ත්‍රාත්වරිය නියෝග කළේය.