FAST NEWS

24×7 Around the Globe

මන්නාරමෙන් තවත් අවි අයුධ තොගයක් මතු වෙයි.

මන්නාරම ඉලුප්පකඩවායි ගොවිජන කේන්ද්‍රය පිටුපස පිහිටි පැරණි වැසිකිලි වලක තිබූ කොටි යුද උපකරණ රැසක් ඊයේ (30) ගුවන් හමුදාව හා පොලීසිය විසින් සොයාගෙන ඇත.

මන්නාරම තිරුකේදීස්වරන් ගුවන් හමුදා කඳවු ලද බුද්ධි තොරතුරකට අනුව මන්නාරම් පොලීසියේ සහය ඇතිව අදාල යුද උපකරණ තිබූ ස්ථානය කැණීම් සිදු කරනු ලැබුණි.

ක්ලේමෝ බොම්බ 06ක්, පුද්ගල නාශක බිම්බෝම්බ 16ක් (පකිස්ථාන් බෝම්බ 02ක් සහ කොටි සංවිධානය නිශ්පාදනය කළ රංගන් බෝම්බ 14ක්) බිම්බෝම්බ පුපුරවා හැරීමට යොදාගන්නා ෆියුස් 16ක් ,පුද්ගල නාශක අත්බෝම්බ 14ක් ඒ අතර (ජේ.ආර්. වර්ගයේ අත්බෝම්බ 02යි ආගස්ථි 04යි ,කේ 400 වර්ගයේ බෝම්බ 03යි, ටී 82 වර්ගයේ බෝම්බ 05යි ), මිලිමීටර් 60 වර්ගයේ මෝටාර් බෝම්බයක් හමු වී ඇති අතර පසුව මන්නාරම් පොලීසිය විසින් අදාල වැසිකිලිවල අවට සිදු කළ හෑරීම් වලින් පසුව ආර්.පී.ජී. වර්ගයේ ගිනි අවියක්ද හමු වී ඇත.