FAST NEWS

24×7 Around the Globe

තොරතුරු දැන ගැනීමේ පනතට එරෙහිව පෙත්සමක්.

පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කර ඇති තොරතුරු දැන ගැනීමේ පනත් කෙටුම්පතෙහි ව්‍යවස්ථානුකූලභාවය අභියෝගයකට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට අද (31) පෙත්සමක් ඉදිරිපත් කෙරුණී.

එම පෙත්සම ශ‍්‍රී ලංකා තොරතුරු තාක්ෂණ වෘත්තිකයන්ගේ සංගමයේ පරිගණක මෘදුකාංග ඉංජිනේරුවරුන් දෙදෙනෙකු විසින් ඉදිරිපත් කර ඇත.

අදාළ පනත් කෙටුම්පතෙහි වගන්ති කිහිපයක් ව්‍යවස්ථාවට අනුකූල නොවන බව මෙම පෙත්සම මගින් පෙන්වා දී තිබේ.

එමෙන්ම අදාළ වගන්ති මගින් මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වන බවද පෙත්සමේ දැක්වේ.

ව්‍යවස්ථාවට අනුකූල නොවන වගන්ති සම්මත වීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක අනුමැතියක් සහ ජනමත විචාරණයක් පැවැත්විය යුතු බවට නියෝගයක් නිකුත් කරන ලෙසට පෙත්සම්කරුවන් මෙමගින් ඉල්ලීමක් කර තිබේ.