FAST NEWS

24×7 Around the Globe

දෝෂ සහිත කැබිනට් පත්‍රිකා නිසි ලෙස සකසන්නැයි අගමැතිගෙන් උපදෙස්.

කැබිනට්‌ අමාත්‍ය මණ්‌ඩලයට ඉදිරිපත් කෙරෙන ඇතැම් කැබිනට්‌ පත්‍රිකා අසම්පූර්ණ සහ දෝෂ සහිත වන බැවින් ඒවා නිසි ලෙස සැකසීමට අමාත්‍යාංශ ලේකම්වරුන්ට උපදෙස්‌ දීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගෙන ඇත.

ඒ අනුව එම උපදෙස්‌ ලබාදීමට ක්‍රියාකරන ලෙස අගමැතිවරයා රජයේ ආර්ථික උපදේශකයකු වන ආර්. පාස්‌කරලිංගම් මහතාට දැනුම් දී ඇත.

මෑත කාලයේ කැබිනට්‌ මණ්‌ඩලයට ඉදිරිපත් කෙරුණු කැබිනට්‌ පත්‍රිකා බොහොමයකම අඩුපාඩු, වැරදි මෙන්ම ඉංග්‍රීසි පරිවර්තනයන්හි දෝෂ සහිතවීම් පිළිබඳව අගමැතිගේ නිරීක්‍ෂණයට කිහිපවිටක්‌ම ලක්‌ වී තිබේ.

එක්‌තරා අමාත්‍යාංශයක්‌ විසින් සකසන ලද කැබිනට්‌ පත්‍රිකාවක්‌ සිංහලට පරිවර්තනය කිරීමේදී ඊට සමාන වෙනත් නමක්‌ ඇති අමාත්‍යාශයක නම සඳහන් කරමින් කැබිනට්‌ පත්‍රිකාවක්‌ද ඉදිරිපත් වී ඇත.