FAST NEWS

24×7 Around the Globe

සබරගමුව විශ්ව විද්‍යාලයේ සිසුහු සත්‍යග්‍රහයක් අරඹති.

සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් 2014 – 2015 වර්ෂය සඳහා නියමිත සිසුන් සංඛ්‍යාව වහාම බදවාගන්නා ලෙස බලකරමින් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට සංකේත සත්‍යග්‍රහයක් ආරම්භ කර තිබේ.

එම අධ්‍යයන වර්ෂය සඳහා තවත් සිසුන් 276ක් බඳවා ගැනීමේ හැකියාව පවතින බව සබරගමුව විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති සමීර කපුවත්ත සඳහන් කළේය.

මේ පිළිබඳ විශ්ව විද්‍යාල පරිපාලනය සහ බලධාරීන් අවස්ථා කිහිපයකදී දැනුම්වත් කළ ද මෙතෙක් නිසි පියවර ගෙන නොමැති බව ඔහු වැඩි දුරටත් කියා සිටියේය.