FAST NEWS

24×7 Around the Globe

රහස් පොලීසිය ගැන කිසිදු විශ්වාසයක් නෑ – ගම්මන්පිළ

රහස් පොලීසිය ගැන  කිසිදු විශ්වාසයක් නැති බව අද (29) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී පිවිතුරු හෙළ උරුමයේ නායක පා.ම උදය ගම්මන්පිල මහතා අවධාරණය කර සිටියේය.

මෙහිදි ආණ්ඩුවේ ක්‍රියා කලාපය සම්බන්ධ කරුණු කිහිපයක්ම මෙහිදි ගම්මන්පිළ මහතා  විවේචනයට ලක් කර සිටියේය.

සෝභිත හිමියන්ගේ අභාවය පිළබද සැක සහිත බවක් පවතිවන හෙයින් ජනාධිපති පරීක්ෂණ කොමිසමක් මිස රහස් පොලීසිය ලවා ඒ ගැන පරීක්ෂණ සිදුකිරීම සුදුසු නොවන බවද හෙතෙම අවධාරණය කරයි.

ඔහු වැඩි දුරටත් පවසා සිටියේ එකී සිද්ධිය ගැන පරීක්ෂණ ආණ්ඩුව රහස් පොලීසියට භාරදී ඇති බවයි.

එ අනුව ජනපතිගේ අතේ ලේ ගෑවී නැතිනම් සෝභිත හිමියන්ට සිදුවූයේ කුමක්දැයි ජනතාවට දැන ගැනීමට ඉඩ ලබාදිය යුතු බව හෙතෙම පැවසීය.

මේ අතර ආණ්ඩුව පළාත් පාලන මැතිවරණය නොතියා එය කල්දමන්නේ ඊට ඇති බිය නිසා බවද ඒ මහතා පෙන්වාදුන්නේය.

ආණ්ඩුව බලයට පැමිණි දවසේ සිට ජනතාවට  තිත්ත බෙහෙත් දුන් නිසා ජනතාවද ආණ්ඩුවට තිත්ත බෙහෙත් දීමට ඡන්දයක් එනතුරු දත කට මැදගෙන ඉන්නේ යැයි ඒ මහතා වැඩිදුරටත් මෙම මාධ්‍ය හමුවෙසදි අවධාරණය කර සිටියේය.