FAST NEWS

24×7 Around the Globe

මේජර් ජනරාල් ජානක පෙරේරාට එල්ල වු මරාගෙන මැරෙන ප්‍රහාරය ප්‍රදර්ශනය කරයි.

මේජර් ජනරාල් ජානක පෙරේරාට අනුරාධපුරෙයේදී  ඒල්ල වු මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරය පිළිබඳව මාධ්‍යවේදියකු සතුව තිබු වීඩියෝ කැමරාවේ පටිගතව තිබු බෝම්බය පුපුරා යන වීඩියෝව අද (29)  අනුරාධපුර මහාධිකරණයේ දී ප‍්‍රදර්ශනය කිරීමට නියමිතය.

අනුරාධපුර විශේෂ මහාධිකරණ විනිසුරු  රහස් පොලිසියේ ප‍්‍රධාන පොලිස් පරික්ෂක මෙරිල් රංජන් ළමාහේවා මහතාට මීට පෙර ලබා දුන් නියෝගයකට අනුව එම දර්ශන ප්‍රදර්ශනය කිරීමට නියමීතය.

මෙම අපරාධය සිදු කළ බවට අධිකරණය හමුවේ වරද පිළිගත් දෙවැනි  විත්තිකාර කොටි සංවිධානයේ හිටපු කර්නල්වරයෙකු වන සම්මුගනාදන් සුදාහරන් ට අනුරාධපුර මහාධිකරණය විසින් මීට පෙර විසි වසරක බරපතල වැඩ සහිත සිර දඩුවමක් නියම කෙරුණි.

පළමු විත්තිකාර උමාර් හබිතාබ් ඔහුට එරෙහිව  මහාධිකරණය හමුවේ ඇති  අධි චෝදනා 48 ටම නිවැරදිකරු බව පැවසීම නඩුව තවදුරටත් විභාග කෙරෙයි.