FAST NEWS

24×7 Around the Globe

ඉදිරි දින කිහිපයේදී එජාපය අභ්‍යන්තරයේ ප්‍රභල වෙනසක්.

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධානම තනතුරක වෙනසක් ඉදිරි දින කිහිපය තුල සිදු කෙරෙන බව එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

එම ප්‍රධාන නිලයට පක්ෂයේ තෙවැනි පෙළ නියෝජනය කෙරෙන තරුණ ඇමතිවරයෙකු පත් කිරීමට නියමිත බවත් 2005න් පසු එක්සත් ජාතික පක්ෂයට හඳුන්වා දුන් තනතුරු කිහිපයක් අහෝසි කිරිමටද තීරණය කර ඇති බවද වැඩි දුරටත් වාර්තා වේ.

පක්ෂයේ ජේෂ්ඨ ඇමතිවරුන් රජයේ වැඩ කටයුතු කරගෙන යමින් පක්ෂයේ වැඩ කටයුතු තරුණ පෙළ මන්ත්‍රීවරුන්ට භාර දීමට මෙම වැඩ පිළිවෙල සකස් කර තිබේ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා චීනයේ නිල සංචාරයක නිරත වීමට නියමිත අතර නව ප්‍රතිසංවිධාන කටයුතු සංචාරය නිම වීමෙන් පසුව ක්‍රීයාත්ම කිරීමට නියමිත බද වැඩි දුරටත් වාර්තා වේ..