FAST NEWS

24×7 Around the Globe

එජාපය සමග ශ්‍රීලනිපය රකින බව හිටපු ජනපතිනිය කියයි.

පසුගිය පාලනය පැවති වසර නවයක කාලය තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට බලය හිමිවී නොතිබූ බව හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්තිය  ඒ යුගයේ ක්‍රියාත්මක නොවුණු බවත්,පුද්ගලයින්ගේ කිහිපදෙනෙකුගේ අභිමතය පමණක් ඒ යුගයේ ක්‍රියාත්මක වුණු බවත් ඇය කියා සිටියි.

කෙසේ වෙතත් මේවන විට  එක්සත් ජාතික පක්ෂය සමග එක්ව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මල ප්‍රතිපත්ති ආරක්ෂා කර ගැනීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මකව ඇති බව ඇය කියා සිටියේ  ගාල්ල නෙළුව ප්‍රදේශයේ පැවති ශ්‍රීලනිප ආසන බල මණ්ඩල රැස්වීමක් අමතමිනි.

පැවති පාලන සමයේ අධ්‍යාපනය කපෝති වූ බවත්,සභ්‍යත්වය ඉවර වූ බවත් පෙන්වා දෙන කුමාරතුංග මහත්මිය මේ දිනවල පක්ෂය කඩාගෙන යන්නට උත්සාහ දරන කණ්ඩායමක් මේ රටේ අපරාධ වැඩි බවට කියන බව සිහිපත් කළාය.