FAST NEWS

24×7 Around the Globe

ජාත්‍යන්තර මත්පෙති ජාවාරමට ලංකා තැපැල් සේවයේ සහාය.

ශ්‍රී ලංකාව, එංගලන්තය හා පාකිස්තානය යන රටවල් තුනේ පිරිසක් එක්ව සිදුකරන ජාත්‍යන්තර මත්පෙති ජාවාරමට ලංකා තැපැල් සේවයේ සහාය ලැබී ඇති බව මූලික විමර්ශනවලදී හෙළිවී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතාට දැනුම් දුන්නේය.

පාකිස්තානයෙන් මෙරටට ලැබී ඇති මත්පෙති පාර්සලයක් රේගු පරීක්ෂාවකින් තොරව නියමිත ක්‍රමවේදයෙන් පරිබාහිරව අධිවේගී තැපෑල ඔස්සේ බෙදාහැර ඇති බව රහස් පොලීසියේ ව්‍යාජ මුදල් ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රියදර්ශන මහතා කළ පරීක්ෂණයකදී හෙළිවී ඇතැයි සිද්ධියට අදාළව කළ පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කරමින් රහස් පොලීසිය අධිකරණයට දැනුම් දුන්නේය.