රටේ සියලුම රාජ්‍ය හා අර්ධ රාජ්‍ය සේවකයින්ට සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද නිමිත්තෙන් ලබාදෙන උත්සව අත්තිකාරම් මුදල ලබා දීමට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන නිදහස් කරන මෙන් ‘දුෂණ විරෝධී පෙරමුණ‘ රජයෙන් ඉල්ලා සිටියි.
නිවේදනයක් නිකුත්කරමින් ම පෙරමුණ මේ බව පවසයි.
නිකුත් කළ මාධ්‍ය නිවේදනය පහත පරිදී වේ.
රටේ සියලුම රාජ්‍ය හා අර්ධ රාජ්‍ය සේවකයින්ට සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද නිමිත්තෙන් ලබාදෙන උත්සව අත්තිකාරම් මුදල ලබා දීමට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන නිදහස් කරන මෙන් ‘දුෂණ විරෝධී පෙරමුණ‘ මුදල් අමාත්‍යාංශය, මහා භාණ්ඩාගාරය සහ අදාළ වගකිවයුතු ආයතන වෙතින් ඉල්ලා සිටියි.
දුෂණ අක්‍රමිකතා සහ වෙනත් හේතු මත පාඩු ලබන රාජ්‍ය ආයතන ගණනාවක සේවකයින් හට උත්සව අත්තිකාරම් මුදල් ලබාදීමට නොහැකි තත්ත්වයක් උද්ගතවී තිබේ. විශාල වශයෙන් පාඩු ලැබීම, ණය මුදල් ගෙවා ගත නොහැකිවීම, නාස්තිය හා දුෂණය හේතුවෙන් රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත ආයතන හා අර්ථ රාජ්‍ය සේවා ආයතන මෙම තත්ත්වයට පත්ව ඇත.
මෙවැනි සමහර ආයතනයන් හි වැටුප් ගෙවීම සඳහා පමණක් භාණ්ඩාගාරය වෙතින් මේ වන විටත් මාසිකව මුදල් ලබා දෙන නමුත් සිංහල – දෙමළ අලුත් අවුරුද්ද සඳහා උත්සව අත්තිකාරම් ගෙවීම සඳහා ප්‍රමාණවත් මුල්‍ය තැම්පත් ඔවුන් වෙත නොමැතිය.
ඒ නිසාම මෙම ආයතනයන් හි සේවකයින්ට ලාංකිකයින්ගේ මහා සංස්කෘතික මංගල්‍ය සමයේ දී ආර්ථික වශයෙන් දැඩි පීඩණයකට මුහුණදීමට සිදුව තිබේ. සමාජයේ සෑම පුද්ගලයෙකුටම උසස් ජීවන තත්ත්වයක් ඇති කිරීම රජය වෙත අනිවාර්යයෙන්ම පැවරෙන වගකීමකි.
අද වන විට වැටුප් ගෙවා ගැනීමට හෝ නොහැකි ආකාරයකට බංකොලොත් වී ඇති රාජ්‍ය ආයතන බොහෝමයක් එම තත්ත්වයට පත් වූවේ මුල්‍ය අක්‍රමිකතා සහ අයහපත් කළමනාකරණය හේතුවෙන් මිස එහි සේවකයින්ගේ වරදින් නොවේ. ඒ නිසාම මේ පිරිසට සමාන ලෙස සැලකීමේ වගකීමක් රජය වෙත පවතී.
උත්සව අත්තිකාරම් ගෙවීමට මුල්‍ය සම්පත් නොමැති රාජ්‍ය ආයතනයන් හි සේවකයින් සඳහා පහසුකම් සැලසීමට මැදිහත් වන ලෙස ‘දුෂණ විරෝධී පෙරමුණ‘ ප්‍රමුඛ සිවිල් සංවිධාන එකමුතුව රජයට බලකර සිටී.
කීර්ති තෙන්නකෝන්
උපදේශක
පූජ්‍ය උලපනේ සුමංගල හිමි
සභාපති
2016 මාර්තු 26
wpengine
Website:
This is the "wpengine" admin user that our staff uses to gain access to your admin area to provide support and troubleshooting. It can only be accessed by a button in our secure log that auto generates a password and dumps that password after the staff member has logged in. We have taken extreme measures to ensure that our own user is not going to be misused to harm any of our clients sites.