FAST NEWS

24×7 Around the Globe

පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමිගෙන් CIDය ප්‍රකාශයක් ගනී.

පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමිගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ.

අද පෙරවරුවේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් තමන් මෙම ප්‍රකාශය ලබා දුන් බව  උඩුවේ ධම්මාලෝක හිමි  සඳහන් කළේය.

පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමිගේ අපවත්වීම සැක සහිත බවට උන්වහන්සේ පසුගියදා ප්‍රකාශයක් සිදු කර තිබුණි.

ඒ සම්බන්ධයෙන්  අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සිදු කරන විමර්ශනයට අදාළව මෙම ප්‍රකාශය ලබා ගෙන ඇති බව වාර්තා වෙයි.