FAST NEWS

24×7 Around the Globe

ඩිල් දැමීම – විමල් ඇතුලට නොගැනීම හා යහපාලනය ගැන බුද්ධදාස හෙළි කරයි.

රටේ සිටින්නේ බුද්ධිමත් ජනතාවක් බැවින් මෙගා ඩීල් නොගසන්නැයි තමා ඉල්ලා සිටින බව කඩුවෙල හිටපු නගරාධිපති ජී.එච් බුද්ධදාස මහතා පවසයි.

විමල් වීරවංශ මහතාටත්,කුමාර් ගුණරත්නම් මහතාටත් එල්ලවී ඇත්තේ එකම චෝදනා වුවද කුමාර් හිරේ සිටිද්දී විමල් පාර්ලිමේන්තුවේ සිටින බව හෙතෙම කියා සිටියේ අද(25)කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.

විමල් වීරවංශ මහතා අද සිටිය යුත්තේ හිරගෙදර බවත්,යහපාලන රජයේ නීතිය මෙයදැයි තමා ප්‍රශ්න කරන බවත් හිටපු නගරාධිපතිවරයා අවධාරණය කළේය.

නීතිය සැමට එක සේ සර්ව සාධාරණව ක්‍රියාත්මක විය යුතුව ඇති බවත්,විමල්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුතුව ඇති බවත් ඔහු සඳහන් කළේය.