FAST NEWS

24×7 Around the Globe

මුදල් ඇමති රවීට එරෙහි විශ්වාසභංගය කථානායකවරයාට.

මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් 37 දෙනෙකු විසින් අත්සන් කළ විශ්වාසභංග යෝජනාව කථානායක කරු ජයසූරිය මහතා වෙත භාර දී තිබේ.

ඉදිරිපත් කරන ලද 2016 අය වැය යෝජනා ඇතුළත්ව  පාර්ලිමේන්තුවට සාවද්‍ය කරුණු දැක්වීම හේතුවෙන් මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කර ඇත.

කෙසේ වෙතත් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීන් විසින් මීට පෙර අවස්ථාවකදීත් එනම්  2015 නොවැම්බර් 27 වැනිදාද   මුදල් අමාත්‍යවරයාට එරෙහි ගෙනා විශ්වාසභංගයක් සාර්ථක නොවීය.