FAST NEWS

24×7 Around the Globe

පෙරටුගාමී ගුණරත්නම්ට එරෙහි නඩුවේ තීන්දුව මාර්තු 31.

වීසා බලපත් නැතිව ශ්‍රී ලංකාවේ රැඳී සිටියදී අත්අඩංගුවට ගත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කුමාර් ගුණරත්නම්ට එරෙහි නඩුවේ තීන්දුව මාර්තු 31 වැනිදා ලබාදෙන බව කෑගල්ල මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද (24) ප්‍රකාශ කළේය.

ඕස්ට්‍රේලියා පුරවැසියකු වන ගුණරත්නම් පසුගිය වසරේ ශ්‍රී ලංකාවට පැමිණ සිටියදී රුවන්වැල්ලේ ඔහුගේ මවගේ නිවසේදී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඩ් කැරිණි.