FAST NEWS

24×7 Around the Globe

සම්භාහන මධ්‍යස්ථාන නියාමනයට නව පනත් ගෙනෙයි.

සම්භාහන මධ්‍යස්ථාන නියාමනය කිරීම සඳහා නව පනතක් ඉදිරිපත් කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා පැවසුවේ එම මධ්‍යස්ථාන පරීක්ෂා කිරිමේ දී නෛතික ප්‍රතිපාදනවල ගැටලුවක් ඇති බැවින් නව පනතක් ඉදිරිපත් කරන බවයි.

ඒඩ්ස් මිත්‍යා විශ්වාස සහ අපේ හෙට දවස යන තේමාව යටතේ සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින් සෞඛ්‍යෙ සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා මේ බව සඳහන් කර තිබේ.

අදාළ පනත මේ වන විටත්  නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර ඇති බව වෛද්‍ය පාලීත මහීපාල මහතා සඳහන් කළේය.

ඒ අනුව ඉතා කෙටි කාලයකින් එම පනත සම්මත වීමෙන් අනතුරුව සම්භාහන මධ්‍යස්ථාන අධීක්ෂණය කිරීමට පියවර ගන්නා බව වෛද්‍යවරයා සඳහන් කළේය.