FAST NEWS

24×7 Around the Globe

වැඩබලන පොලිස්‌පති ධුරය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති එස්‌. එම්. වික්‍රමසිංහට

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති එස්‌. එම්. වික්‍රමසිංහ මහතා ඊයේ (22) වැඩබලන පොලිස්‌පතිවරයා ලෙස පත්කර තිබේ.

ලබන අප්‍රේල් 12 වැනිදා සිය සේවයෙන් විශ්‍රාම ලැබීමට නියමිත පොලිස්‌පති  එන්. කේ. ඉලංගකෝන් මහතා විශ්‍රාම පූර්ව නිවාඩු ලබාගැනීම නිසා එස්‌. එම්. වික්‍රමසිංහ මහතා වැඩබලන පොලිස්‌පතිවරයා ලෙස පත්කර ඇත.

කාලයක සිට ජනාධිපති ආරක්‍ෂක අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කරන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති එස්‌. එම්. වික්‍රමසිංහ මහතා පොලිස්‌ දෙපාර්තමේන්තුවේ සිටි කීර්තිමත් ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක්‌ ද වේ.