FAST NEWS

24×7 Around the Globe

ගෝඨාභය රාජපක්ෂ ත්‍රස්ත ක්‍රියා සම්බන්ධ විශේෂ මහාධිකරණයෙන් කැඳවයි.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට ත්‍රස්ත ක්‍රියා සම්බන්ධයෙන් නඩු විමසීමට පත්කොට ඇති විශේෂ මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කර ඇත.

විශේෂ මහාධිකරණ කොමසාරිස් මැයි මස 3 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස මෙලෙස නොතීසි නිකුත් කර ඇත.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කිරීමේ අරමුණින් කොළඹ – පිත්තල හන්දියේදී බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් පස්දෙනෙකුට පවරා ඇති නඩුවට සාක්ෂි ලබා ගැනීමට ඔහු මෙලෙස කැඳවා තිබේ.