FAST NEWS

24×7 Around the Globe

අගමැති රනිල් ගමන්ගත් රථ පෙළ වීඩියෝ කළ තරුණයකු අත්අඩංගුවට.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ගමන් ගත් රථපෙළ වීඩියෝගත කළ තරුණයකු අගමැති ආරක්‍ෂක අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් තරුණයා දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි අයකු බවට අනාවරණය වී ඇත.

අගමැතිවරයා ගමන් ගත් රථ පෙළ කොල්ලුපිටිය ප්‍රදේශය ඔස්‌සේ ගමන් කරමින් තිබියදී සැකකාර තරුණයා ජංගම දුරකථනයක්‌ මගින් මෙසේ වීඩියෝ කර ඇතැයි පොලිසිය සඳහන් කරයි.

අගමැති ආරක්‍ෂක අංශය මගින් අත්අඩංගුවට ගත් මෙම තරුණයා වැඩිදුර විමර්ශන සඳහා කොල්ලුපිටිය පොලිසියට භාර දී ඇති අතර ඔහු රථ පෙළ වීඩියෝගත කළේ කුමකටදැයි ඊයේ (22 දා) දහවල් වනතුරුත් නිශ්චිතව තහවුරු වී නොතිබිණි.

සැකකාර තරුණයා ඊයේ (22 දා) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.