FAST NEWS

24×7 Around the Globe

ඛෙල්ජියමට එල්ල වු ත්‍රස්ත්‍ර පහාරය ගැන ජනපති මෛත්‍රී ශෝකය පළ කරයි.

ඛෙල්ජියමේ නිරායුධ සිවිල් වැසියන් 34 දෙනකු ඝාතනය කරමින් සහ තවත් වැසියන් ප්‍රමාණයක් තුවාල කරමින් බ්‍රසල්ස්හි ගුවන්තොටුපල ඇතුළු තවත් ස්ථාන කිහිපයකට එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරය ගැන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එරට පිලිප් රජතුමා සහ ජනතාව වෙත සිය බලවත් ශෝකය පළ කර සිටී.

බෙල්ජියමේ පිලිප් රජු වෙත විශේෂ පණිවුඩයක් යොමු කරමින් සිරිසේන මහතා ප්‍රකාශ කර ඇත්තේ ත්‍රස්තවාදින් විසින් සිදු කළ මෙම නිවට සහ ම්ලේච්ඡ ප්‍රහාරය පිළිබද පුවත අසා තමා ඉතා කම්පාවට පත් වූ බවයි. තමන් පෞද්ගලිකවත්, ශ්‍රී  ලංකාවේ ජනතාව වෙනුවෙනුත් ඛෙල්ජියම් රජය සහ ජනතාව වෙත ශෝකය ප්‍රකාශ කරන බව ද ජනපති දන්වා තිබේ.

සියලූම ආකාරයේ ත්‍රස්තවාදී ව්‍යාපාරයන්ට එරෙහිව සාමුහිකව විසඳුම්  සෙවීමේ අවශ්‍යතාවය මෙම ප්‍රහාරය සමග නැවතත් සිහිපත් කර දෙන බව ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.