FAST NEWS

24×7 Around the Globe

හිටපු ජනපති මහින්ද නව මුහුණුවරකින් මැයි දින කරළියට එයි.

මැයි මස පළමු දිනට යෙදෙන ජාත්‍යන්තර කම්කරු දිනය නිමිත්තෙන්  ඒකාබද්ධ විපක්ෂය පැවැත්වීමට නියමීත  මැයි සැමරුම් රැලිය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කිරුළුපන ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට ඊයේ (21දා) මධ්‍යම රාත්‍රියේදි තීරණය කර ඇති බව වාර්තා වේ.

ඒකාබද්ධ විපක්ෂය ඊයේ රාත්‍රියේ විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇති අතර, මෙම සාකච්ඡාවේදී මැයි දිනය නව මුහුණුවරකින්  පැවැත්විය යුතු බවට ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයන් තීරණය කර ඇති බවද වැඩි  දුරටත් වාර්තා වේ.

මෙම තීරණයට අනුව මැයි දින සැමරුම අනෙකුත් මැයි දිනය සමරන ක්‍රමවේදයට වෙනස් වු ක්‍රමවේදයකින් සැමරීමටද තීරණය කර තිබේ.