ගෝල්ඩන් කී තැන්පත්කරුවන්ගේ සැබෑ ඉතිරිය ගෙවන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි ඔහුගේ පෞද්ගලික ලේකම් අනිල් අමරතුංග මහතා මුදල් අමාත්‍යංශයේ ලේකම් අර්ජුන මහේන්ද්‍රන් මහතාට කරන ලද ලිඛිත දැනුම්දීම මඟහැර ඇතැයි කියමින් එම තැන්පත්කරුවන් මහ බැංකුව ඉදිරිපිට අද (21) උපවාසයක් ආරම්භ කර තිබේ.
ජනපතිවරයා අදාල නියෝගය කර තිබුණේ තැන්පත්කරුවකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුවය.








