FAST NEWS

24×7 Around the Globe

‘‘සිංහල රාවය’’ අගමැති රනිල් ප්‍රමුඛ එජාපයට එරෙහිව පොලිස්පතිගෙන් නඩු ඉල්ලයි.

කොළඹ ලිප්ටන් වටරවුමේදී එක්සත් ජාතික පක්ෂය විසින්  ඉකුත් දා පැවැත්වූ විරෝධතාව සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට පැමිණිල්ලක් ඉදිරිපත් කළ බව ‘‘සිංහල රාවය’’ සංවිධානය  පැවසීය.

මෙම විරෝධතාව හේතුවෙන් එම අවස්ථාවේදී දැඩි රථවාහන තදබදයක් ඇතිවූ බවද එම නිසා ජනතාව දැඩි පීඩාවට පත්වුණු බවත්  එම සංවිධානයේ මහලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් පෙන්වා දෙයි.

කෙසේවෙතත් ඉකුත් දා තම සංගමය මගින් කළුතරදී කළ විරෝධතාවකට එරෙහිව පොලිසිය තමන්ට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කල බව මාගල්කන්දේ සුදත්ත හිමියන්  අවධාරණය කර සිටියි.

එසේ තිබියදී එක්සත් ජාතික පක්ෂය සංවිධානය කළ විරෝධතාවට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක නොකිරීම බරපතල ගැටලුවක් බව උන්වහන්සේ පෙන්වා වැඩි දුරටත් පෙන්වා දෙයි.

තම සංවිධානයට නඩු පැවරූ නීති රෙගුලාසි යටතේම එක්සත් ජාතික පක්ෂයේ නායකයා ප‍්‍රමුඛ පිරිසටද නඩු පැවරිය යුතු බවය පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් පෙන්වා දෙයි.