FAST NEWS

24×7 Around the Globe

අපිව ශ්‍රීලනිපයෙන් කිසිසෙත්ම ඉවත් කල නොහැකියි – හිටපු ජනපති.

‘ඒකාබද්ධ විපක්‍ෂයේ රැලියට සහභාගි වූයේ යෑයි අප ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයෙන් ඉවත් කිරීමට කිසිසේත් නොහැකි යෑයි’ හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ මහතා දිනපතා පුවත්පතකට සඳහන් කර ඇත.

අප පක්‍ෂයෙන් ඉවත් කළහොත් අපේ කට්‌ටිය අලුතින් පක්‍ෂයක්‌ නිර්මාණය කර ගනීවි යයි සමහරුනට විශාල බියක්‌ තිබෙනවා. අපට දිගට හරහට පහර දෙන්නේ ඒ නිසයි. හැබැයි ඒ නිසා සිදු වෙමින් පවතින්නේ අප තවත් ජනප්‍රිය වීමයි වශයෙන් හිටපු ජනපතිවරයා වැඩි දුරටත් අවධාරණය කර සිටියි.

හයිඩ්පාක්‌ රැලියට සහභාගි වූ ජනතාව දැකලා දැන් අපි සමහරු රට පුරා බැණ බැණ යනවා. අද ආණ්‌ඩුවේ ඉන්නේ යූ ඇන්පියට කත් අදින ටීම් එකයි. පසුගිය ඡන්දයේදී හිටපු ජනාධිපතිනිය චන්ද්‍රිකාත් අලියට ඡන්දය දෙන්න කියලා ප්‍රචාරක වැඩපිළිවෙළක්‌ ක්‍රියාත්මක කර තිබුණා යැයිද  හෙතෙම සඳහන් කර සිටියි.