FAST NEWS

24×7 Around the Globe

මෛත්‍රී හා මහින්ද එක් කිරීමට විශේෂ සාකච්ඡාවක්.

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇති බව වාර්තා වේ.
වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇති අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා යළි එක් කිරීම පිළිබඳව මෙම සාකච්ඡාවේදී වැඩි අවධානය යොමුව ඇති බව සඳහන්ය.
කෙසේ වෙතත් එක් පාර්ශවයක් ඊට විරුද්ධත්වය පළ කර ඇති අතර අනෙක් පාර්ශවය පවසා ඇත්තේ මෙය ඉතා හොඳ තත්ත්වයක් බවයි.
ඒ අනුව ඉදිරියේදී හිටපු ජනාධිපතිවරයා සහ වත්මන් ජනාධිපතිවරයා යළි එක් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙන ආකාරය පිළිබඳව ද දැඩි අවධායක් යොමුව තිබේ.