FAST NEWS

24×7 Around the Globe

සන්ධානයේ ජාතික ලැයිස්තුවට එරෙහි පෙත්සම විභාගයට දින නියම කරයි.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන්ගේ පත් කිරීම් නීත්‍යානූකුල නොවන බවට ප්‍රකාශ කරන ලෙස ඉල්ලා ගොණු කර තිබූ පෙත්සම විභාගයට ගැනීමට අභියාචනාධිකරණය දින නියම කර තිබේ.

මහජන එක්සත් පෙරමුණේ නියෝජ්‍ය සභාපති සෝමවීර චන්ද්‍රසිරි මහතා විසින් එම පෙත්සම ගොණු කර ඇත.

එ අනුව පෙත්සම ජුනි මස 29 වනදා විභාගයට ගන්නා බව අභායාචනාධිකරණය අද(18) ප්‍රකාශ කර තිබේ.

පරාජිත අපේක්ෂකයින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ  ජාතික ලැස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් කිරීම නීතියට පටහැනි බව පෙත්සම්කරු පවසයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව එවැනි තීරණයක් ගත නොහැකි බව පවසන  පෙත්සම්කාර සෝමවිර චන්ද්‍රෙස්න මහතා අදාළ පත් කිරිම්  බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා තිබේ.

මේ අතර ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත් කිරීම නීතිවිරෝධි යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ගොණු කර ඇති පෙත්සමක් ද විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කර තිබේ.

අදාළ පෙත්සම අප්‍රේල් මස 25 වනදා සළකා බලන බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දුන්හ.