FAST NEWS

24×7 Around the Globe

ධම්මික රණතුංග කෙසෙල්වත්ත පොලීසියට පැමීණෙයි.

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ධම්මික රණතුංග මහතා කෙසෙල්වත්ත පොලීසියට අද (18දා) උදෑසන පැමිණි බව වාර්තාවේ.
නීතිඥවරයෙකු සමඟ පොලීසිය පැමිණි ඒ මහතා ලබන 24 වනදා අධිකරණයේ පෙනී සිටින බවට සටහනක් තබා පිටව ගිය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේය.
ධම්මික රණතුංග මහතා විසින් මහාධිකරණ පරිශ්‍රයේදී පසුගියදා මාධ්‍යවේදීන්ට තර්ජනය කර ඡායාරූපගත කිරීමක් ද සිදු කර තිබුණි.
ඒ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කෙසෙල්වත්ත පොලීසියට පැමිණිලි කළ අතර පොලීසිය අධිකරණය හමුවේ කරුණු වාර්තා කිරිමෙන් පසු අධිකරණය මඟින් ධම්මික රණතුංග මහතාට එරෙහිව නොතීසි නිකුත් කරනු ලැබීය.