FAST NEWS

24×7 Around the Globe

ජාතික වකුගඩු අරමුදලට නාවික හමුදාවෙන් මීලියන 980 ක පරිත්‍යාගයක්.

ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ මග පෙන්වීම අනුව ආරක්ෂක අමාත්‍යංශයේ ඉල්ලීම පරිදි වකුගඩු අරමුදල වෙනුවෙන් ත්‍රිවිධ හමුදාව, පොලිසිය හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව දිනක වැටුප පිරිනමට තීරණය කර ඇත.
එ  අනුව නාවික හමුදාවෙන් පමණක් රුපියල් නව කෝටි අසූ ලක්ෂයක් පමණ එකතුවූ බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක අක්‍රම් අලවි මහතා මාධ්‍ය වෙත පැවසීය.
ජාතික යුතුකමක් සේ සලකා නාවික හමුදාව මෙම පරිත්‍යාගය කළ බව ඔහු වැඩි දුරටත් අවධාරණය කර සිටියි.