FAST NEWS

24×7 Around the Globe

පවුලේ සාමාජිකයන් සිරගත කරනු ලැබුවත් දේශපාලන ගමන නතර කරන්න බෑ – මහින්ද

තමන් බලයට පත් වන විට රට ආහාර අර්බුදයකට, සුනාමි ව්‍යසනයකට, තෙල් අර්බුදයකට,  සහ ත්‍රස්තවාදී අර්බුදයකට මුහුණ පා තිබූ බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ ඊයේ (17) කොළඹ හයිඩ් පිටියේ පැවැති ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කළ ජන රැළිය අමතමිනි.

කෙසේ වුවද එවැනි තත්ත්වයක් යටතේ පවා විදේශ රටවල් මත යැපීමෙන් වැළකී  රට සහලින් සංවර්ධනය කිරීමට සහ එල්.ටී.ටී.ඊය විනාශ කර දැමීමට සමත් වූ බවද ජනතාවට ලබාදුන් සහනාධාර කප්පාදු නොකළ බවද පැවසීය.

වත්මන් ආණ්ඩුව වසරක් ඇතුළත ණය විශාල ප්‍රමාණයක් ගෙන ඇති බවත්, එම ගත් ණයවලින් කිසිදු සංවර්ධනයක් කර නැති බවත්, කීවේය.

එසේම සිය පවුලේ සාමාජිකයන් සිරගත කරනු ලැබුවද තම දේශපාලන ගමන නතර කළ නොහැකි බවද  ඒ මහතා පැවසීය.