පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ මහතා ඇතුළු 7 දෙනෙකු ඇප මත මුදාහැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
එක්සත් ජාතීන්ගේ කොළඹ කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් සිදුකර මාර්ග අවහිර කළ බවට ඔවන්ට චෝදනා එල්ල වී ඇත.
මීට අදාළව ලැබුණු නොතීසියකට අනුව විමල් වීරවංශ, ජයන්ත සමරවීර, වීරකුමාර දිසානායක, රොජර් සෙනෙවිරත්න, මොහොමඩ් මුසම්මිල්, පියසිරි විජේනායක යන මහත්වරුන් ඇතුළු 7 දෙනා අද(18) අධිකරණය හමුවේ පෙනී සිටි අතර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයා මෙරට සංචාරයක නිරත වන අතරතුර මොවුන් මෙම උද්ඝෝෂණයේ නිරත වූ බව පොලීසිය අධිකරණයට දැනුම් දී ඇත.
+++++++++++++++++++++++++++++ (update)
විමල් විරවංශ හා ශෂී විරවංශ අධිකරණයට.
විදේශ ගමන් බලපත්‍ර දෙකක් ළඟ තබාගත් බව කියන ශෂී වීරවංශ ද තවත් නඩුවකට පෙනී සිටීම සඳහා ඇගේ සැමියා වන ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ ද අද (18) කොළඹ අලුත්කඩේ අධිකරණයට පැමිණ සිටිති.
විමල් වීරවංශ ඇතුළු හය දෙනෙක් අධිකරණයට පැමිණ ඇත්තේ ජිනීවා මානව හිමිකම් කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු පැමිණි දවසේ කොළඹ තුම්මුල්ලේ එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට පැවැත්වූ නීති විරෝධී විරෝධතාවයක් හේතුවෙනි.
විමල් වීරවංශ, ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක පියසිරි ව්ජේනායක, ප්‍රචාරක ලේකම් මොහොමඩ් මුසම්මිල්, නියෝජ්‍ය සභාපතිවරුන් වන වීරකුමාර දිසානායක, ජයන්ත සමරවීර, පළාත් සභා මන්ත්‍රී රොජර් සෙනෙවිරත්න ඇතුළු හය දෙනෙක් ඊට හවුල් වී යැයි පොලිසිය අධිකරණයට වාර්තා කර ඇත.