FAST NEWS

24×7 Around the Globe

මන්ත්‍රී නඩරාජා රවිරාජ් ඝාතන නඩුන මහාධිකරණයට.

දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් සහ ඔහුගේ රියදුරු ඝාතනය සම්බන්ධ මහේස්ත්‍රාත් පරීක්ෂණය අවසන් කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා වැඩිදුර පරීක්ෂණය මහාධිකරණයට තැබීය.
නාවික හමුදාවේද පිරිසක් චෝදනා ලබා සිටින මේ නඩුවේ  සැකකරුවන් හත් දෙනාට එරෙහිව අධිචෝදනා ගොනු කිරීමට සාක්කි ඇති බව පෙනේ යැයි ගමගේ මහතා කියා සිටියේය.
ඒ අනුව සැකකරුවෝ ලබන 31 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබූහ.