FAST NEWS

24×7 Around the Globe

පලස්තීන සරණාගත ගුරුවරියකට ඩොලර් මිලියනයක තෑග්ගක්.

පලස්තීන සරණාගත කඳවුරක ඉපදී හැදී වැඩී එහි සරණාගත දරුවනට ඉගැන්වීම් කටයුතු කරන ගුරුවරියක වන හනාන් අල් හ්රොබ් මෙවර ඩොලර් මිලියනයක් පිරිනැමෙන ‘Global Teacher Prize‘ ත්‍යාගයෙන් පුද ලබා ඇත.

ඩුබායි පාලක ශේක් මොහොමඩ් බින් මෙලෙස විශේෂ ගුරු උපහාරයක් සිදුකර තිබෙන්නේ මෙම ගුරුවරිය ඉගැන්වීම් කටයුතු වෙනුවෙන් සරණාගත දරුවනට සිදු කරන මෙහෙවර උදෙසා ය.

ඇමෙරිකා ඩොලර් මිලියන එකක මුදල් මෙම සම්මානයට අදාළව තිළිණයක් වශයෙන් ඇයට පිරිනමා තිබෙ.

පලස්තීන අවතැන් කදවුරුවල රැඳී සිටින දරුවන් වෙනුවෙන් හනාන් අල් හ්රොබ් ගුරුතුමිය අධ්‍යාපනය මෙන් ම තාක්ෂණික දැනුම, යුද්ධයට මුහුණ දෙන ආකාරය, සමාජ දැනුම ආදිය ද ලබා දීම විශේෂත්වයකි.

‘අපේ රැකියාව මානුෂවාදී කටයුත්තක්. එහි අරමුණු ශ්‍රේෂ්ඨයි. එකම අවිය දැනුම සහ අධ්‍යාපනය බව අපේ දරුවන්ට කියා දිය යුතුයි‘ යැයි හනාන් පවසන්නී ය.