FAST NEWS

24×7 Around the Globe

ඇඹිලිපිටිය සුමිත්ගේ මරණයේ පොලිස් වාර්තා පරස්පර බව අධිකරණයේදී හෙළි කරයි.

ඇඹිලිපිටියේ සුමිත් ප්‍රසන්න මියයාමේ සිද්ධිව පිළිබඳව රත්නපුර ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ රහස් පොලිසිය ඉදිරිපත් කළ විමර්ශණ වාර්තා පරස්පර විරෝධී බව නීතිපති වෙනුවෙන් පෙනීසිටි රජයේ නිතීඥවරයා අද (16) ඇඹිලිපිටිය මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.
මෙහිදී වැඩිදුරටත් කරුණු දැක්වූ රජයේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ මෙම සිද්ධියට අදාලව නම් හෙළිව ඇති පුද්ගලයන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසය.
මෙම මරණය සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් ලබා දුන් කට උත්තර පරස්පර විරෝධී බවද මෙහිදී ඔහු වැඩි දුරටත් අවධාරණය කර සිටියේය.
මේ තුලින් ඔවුන් යම් අපරාධයක තොරතුරු සැඟවීමට උත්සහය නිරත වන බවට පෙනී යන්නේ යැයි රජයේ  නීතීඥවරයා අධිකරණය හමුවේ  වැඩි දුරටත් කරුණු දක්වමින්  පැවසීය.
මෙම ගැටුම වූ අවස්ථාවේදී එම ප්‍රදේශයේ තිබූ සීසීටීවි කැමරා 05ක CD තැටි කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක අංශය වෙත යවන ලෙස  මහෙස්ත්‍රාත්වරයා අද (16) නියෝග කළේය.
මෙම මරණය සම්බන්ධයෙන් දැනට අත්අඩංගුවට ලෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින ඇඹිලිපිටිය හිටපු සහකාර පොලිස් අධිකාරි ඞී. ඩබ්ලිව්. සී. ධර්මරත්න අද (16) පෙරවරුවේ අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී මේ මස 30 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර කිරීමට නියෝග කර ඇත.