FAST NEWS

24×7 Around the Globe

වරාය සභාපතිවරයා මාධ්‍යවේදීන්ට බැණ වැඳි තර්ජනය කරයි.

සීඑස්එන් නාලිකාවේ හිටපු අධ්‍යක්ෂ නිශාන්ත රණතුංග මහතාට ඇප ඉල්ලුම අද අලුත් කඩේ උසාවියේ දී විභාගයට ගැනීමට නියමිතය.
ඔහුගේ සොයුරු වරාය සභාපති ධම්මික රණතුංග එහි පැමිණෙද්දි මාධ්‍ය ඡායාරූප ශිල්පීහු ඡායාරූප ගෙන ඇත.
එහිදි තම ඡායාරූප නොගන්නා ලෙසත්, ඒවා පළ නොකරන ලෙසත්මාධ්‍ය ඡායාරූප ශිල්පීන්ට තර්ජනය  කළ ධම්මික රණතුංග මාධ්‍යවේදීන්ට බැණ වැදී ඇත.
මේ ගැන මාධ්‍යවේදීන් කෙසෙල්වත්ත පොලිසියට පැමිණිලි කිරීමට පියවර ගෙන තිබේ.