FAST NEWS

24×7 Around the Globe

සිරියාවේ රුසියා හමුදා ඉවත් කර ගන්නැයි පුටින්ගෙන් නියෝගයක්.

රුසියා අගමැති වැල්ද්මීර් පූටින් සිරියාවේ සිටින රුසියා හමුදා ඉවත් කර ගන්නා ලෙස උපදෙස් දී ඇතැයි විදේස් මාධ්‍ය වාර්තා කරයි.
සිරියාවේ මෙහෙයුම්වල සිය ඉලක්ක සපුරාගෙන අවසන් බැවින් මෙම තීරණය ගත් බව පූටින් කියා ඇත.
සිරියා ජනපති බෂාර් අල් අසාද්ගේ රජය රුසියාව සමග සමීපතම සබඳතා ගොඩනගා ගත් අතර කැරළිකරුවන්ගේ ප්‍රහාර හමුවේ අසාද් රජය බිඳ වැටීමේ අවදානමක පැවැති සමයේදී රුසියාව සිය හමුදා සිරියාවට යවා මාස හයක මෙහෙයුම්වලින් පසු කැරළිකරුවන් මර්දනය කළේය.
රුසියා හමුදා ඉවත් කර ගැනීමේ තීරණය අසාද් රජයද අනුමත කර ඇතැයි එරට වාර්තා කියයි.