FAST NEWS

24×7 Around the Globe

හදිසි විදුලි බිඳ වැටිම් ගැන සොයන්න ජනපතිගෙන් කමීටුවක්.

රට තුළ සිදුවූ හදිසි විදුලි බිඳ වැටීම පිළිබඳව සොයා  බලා සතියක් ඇතුළත වාර්තාවක් සකස් කිරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් කමිටුවක් පත්කොට තිබේ.

මෙම කමිටුවට අමාත්‍යවරුන් වන රංජිත් සියඹලාපිටිය, සුසිල් ප්‍රේම්ජයන්ත, පාඨලී චම්පික රණවක, සාගල රත්නායක හා නියෝජ්‍ය අමාත්‍යවරුන් වන ඉරාන් වික්‍රමරත්න, අජිත් පී පෙරේරා යන අය ඇතුළත්ව සිටිති.