FAST NEWS

24×7 Around the Globe

කුසල් ජනිත් පෙරේරාට අයිසීසී යෙන් පරික්ෂණ ද්විත්වයක්.

තහනම් උත්තේජක චෝදනා එල්ල වීම නිසා මේ වනවිට තරග තහනමට ලක් වී සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරා සම්බන්ධයෙන් අන්තර් ජාතික  ක්‍රිකට් කවුන්සිලය (අයි.සී.සී.) මගින් තවත් පරීක්ෂණ දෙකක් සිදුකර ඇතැයි වාර්තා වේ.
සන්ඩේ ටයිම්ස්  පුවත්පත වාර්තා කරන ආකාරයට ඉකුත් 08 හා 09 දෙදින තුළ අයි.සී.සී. යේ නිලධාරීන් පිරිසක් පැමිණ පරීක්ෂණ ද්විත්වයක් සිදුකර ඇති අතර, එයට  හිසකෙස් පරීක්ෂාවක්ද ඇතුළත් බව එම පුවත්පත වාර්තා කරයි. කෙසේ වෙතත් එහි ප්‍රතිඵල මෙතෙක් ලැබී නැතැයිද වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අභ්‍යන්තර ප්‍රකාශකයෙකු අදාළ පුවත්පතට පවසා ඇත්තේ  පරීක්ෂණ ද්විත්වයෙහි ප්‍රතිඵල පැමිණීමෙන් අනතුරුව ඒ පිළිබඳ ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට ක්‍රිකට් ආයතනය බලාපොරොත්තු වන බවයි.