FAST NEWS

24×7 Around the Globe

යෝෂිත රාජපක්ෂව ඇප මත මුදා හරියි.

යෝෂිත රාජපක්ෂ මහතා ඇතුලු සැකකරුවන් සිව් දෙනා ඇප මත මුදාහරින ලෙස කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ.
ඇප ඉල්ලීම් පිළිබඳ තීන්දුව ලබා දෙමින් කොළඹ මහාධිකරණය රුපියල් ලක්ෂයක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත එක් එක් සැකකරුවන් මුදාහරින ලෙස නියෝග කර ඇත.
ඇප ලබාදීම සඳහා ඇපකරුවන් දෙදෙනෙකු ඉදිරිපත්විය යුතු බවත් ඔවුන්ගේ සුදුසුකම් පිළිබඳ කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය තීරණය කළ යුතු බවත් මහාධිකරණය නියෝග කර තිබේ.
සැකකරුවන්ට අධිකරණයේ අවසරයකින් තොරව විදෙස් ගතවිම ද තහනම් කර ඇත.