FAST NEWS

24×7 Around the Globe

වීවලට සහ සහල්වලට සහතික මිලක් ඉල්ලා මූලික ජවිපෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්.

වීවලට සහ සහල්වලට සහතික මිලක් නොමැතිවීම නිසා ගොවියාගේත් පාරිභෝගිකයාගේත් මූලික මිනිස් අයිතිවාසිකම් කඩවී ඇති බව ප‍්‍රකාශයට පත්කරන ලෙස ඉල්ලා අද (11) දින ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කෙරිණි.
සමස්ත ලංකා ගොවිජන සම්මේලනය, එක්සත් සහල් නිෂ්පාදකයින්ගේ සංගමය හා සමස්ත ලංකා කුඩා හා මධ්‍ය පරිමාණ මොල් හිමියන්ගේ සංගමයේ නියෝජිතයින් පෙත්සම්කරුවන් වන අතර නීතිඥ සුනිල් වටගල, නීතිඥ ජානක අධිකාරී මෙම පෙත්සම වෙනුවෙන් පෙනී සිටියි.
වී අලෙවි මණ්ඩලය විසින් සහතික මිල ගණන් යටතේ වී මිලදී නොගැනීමත් පාරිභෝගික සේවා අධිකාරිය විසින් ඒ ඒ සහල් සඳහා සහතික මිලක් නියම නොකිරීමත් නිසා වී ගොවියෝ, පාරිභෝගිකයෝ මෙන්ම කුඩා හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියෝ විශාල අපහසුතාවයකට පත්ව සිටින බව පෙත්සම්කරුවන් විසින් පෙන්වා දෙයි.