FAST NEWS

24×7 Around the Globe

විද්‍යුත් ජාතික හැදුනුම්පත් කෙටුම්පත පාර්ලිමේන්තුවට – වයස් සීමාවත් අඩු කරයි.

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ සංශෝධන පනත් කෙටුම්පත සභානායක,අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඊයේ(10දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
විද්‍යුත් ජාතික හැදුනුම්පතක් නිකුත් කිරීමේ හා ජාතික හැදුනුම්පත ලබාගැනීමට අවශ්‍ය වයස් සීමාව අඩු කිරීමේ සංශෝධනය මෙම පනත් කෙටුම්පතින් යෝජනා කර තිබේ.
ඒ අනුව ජාතික හැඳුනුම්පතක් ලබාගැනීමේ වයස් සීමාව අවුරුදු 15 දක්වා අඩු කිරීමට යෝජනා කර තිබේ.